ජල ක්‍රීඩා ක්ෂේත්‍රය සවිමත් කරන්න පැල්වත්ත කිරි සමාගමෙන් අනුග්‍රාහකත්වය

මෙරට පාරිභෝගිකයා වෙත පෝෂණයෙන් පිරි පිරිසිදු ශ්‍රී ලාංකික කිරි නිෂ්පාදන ලබාදීමට කැපවූ අභිමානවත් දේශීය සන්නාමයක් වන පැල්වත්ත කිරි කර්මාන්ත සමාගම විසින් ශාන්ත තෝමස් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර 32 වැනි වරටත් පැවැති ආචාර්ය ආර්.එල්. හේමන් කුසලාන වෝටර් පෝලෝ තරගය සඳහා ප්ලැටිනම් අනුග්‍රහකත්වය පිරිනමනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ යොවුන් පරපුර සතු දක්ෂතා ප්‍රවර්ධනය සඳහා සහය ලබාදීම වෙනුවෙන් සිය උපරිම දායකයත්වය සැපයීම මෙම අනුග්‍රාහත්වයේ මූලික අරමුණයි.

මෙම තරගාවලියේ පළමු අදියර 2025 සැප්තැම්බර් 27 වැනි දින සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයේ දී පැවැත්වුණු අතර, දෙවන අදියර 2025 ඔක්තෝබර් 04 වැනි දින පැවැත්වුණා.

ශ්‍රී ලංකාව තුළ ජල ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකික අනාගත ක්‍රීඩා පරපුර සඳහා ආයෝජනය කිරිම සඳහා පැල්වත්ත සමාගම දක්වන මහඟු දායකයත්වය මෙම හවුල්කාරිත්වය ඔස්සේ මැනවින් පිළිබිඹු වුණා.

දශක තුනකට අධික කාලයක් පුරාවට පරම්පරා ගණනාවක යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නායකයන් බිහි කිරීමේ ඉතිහාසයක් ඇති මෙම වෝටර් පෝලෝ තරගය ශ්‍රී ලංකාව තුළ වඩාත් ප්‍රචලිත වෝටර් පෝලෝ තරඟාවලියයි.

පැල්වත්ත සන්නාමයේ මෙහෙවර ඔස්සේ ද පිළිබිඹු වන දරා ගැනීමේ හැකියාව, විනය සහ කණ්ඩායම් හැඟීම ආදී ගුණාංගයන් නිරූපණය කරන ක්‍රීඩාවක් වෙනුවෙන් සිය අනුග්‍රාහක දායකයත්වය සපයමින් එම සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යාමට දායකයත්වය සැපයීම පැල්වත්ත සන්නාමය ලද වරප්‍රසාදයක්.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් පැල්වත්ත කිරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ අදහස් දැක්වූවා.

“පැල්වත්ත සමාගම ලෙස අපි ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සවිබල ගැන්වීම පිළිබඳ විශ්වාස කරන බැවින් ඔවුන්ගේ දියුණුවට අවස්ථාව සකස් කරන වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා අපගේ සහාය ලබා දෙනවා. ආචාර්ය ආර්. එල්. හේමන් කුසලානය සඳහා අපගේ අනුග්‍රහය දැක්වීම ඔස්සේ සාන්ත තෝමස් විදුහලේ දේශීය දක්ෂතා පෝෂණය කිරීම මෙන්ම ජලජ ක්‍රීඩාවන් ප්‍රවර්ධනය කිරීම ආදී වූ අපගේ දිගුකාලීන ඉලක්කය මැනවින් ප්‍රදර්ශනය වෙනවා. පැලවත්ත සමාගම ලෙස අපි ගොවිපලෙන් මේසයට කිරි නිෂ්පාදන පිරිනමන සැබෑ දේශීය සන්නාමයක් වීම පිළිබඳ බෙහෙවින් ආඩම්බර වන අතර ඒ අයුරින්ම අනාගතයේ දිනක අපේ රට අභිමානයෙන් නියෝජනය කරමින් අනාගත ක්‍රීඩා පරපුර සමඟ සිටීමට ලැබීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා.”

පැල්වත්ත කිරි සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ පිළිබඳ සාමාන්‍යාධිකාරී කුමේරිනි කන්දප්පා මහත්මිය මේ සම්බන්ධයෙන් ඇගේ අදහස් එකතු කළා.

“මෙම අනුග්‍රාහකත්වය තවත් එක් අවස්ථාවක් පමණක් නොව එය අපගේ දරුවන්ගේ අනාගතය සහ සෞඛ්‍යය සඳහා සිදු කරන වටිනා ආයෝජනයක්. කෘත්‍රිම රසකාරක හෝ වර්ණක භාවිතයෙන් තොරව 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද පැල්වත්ත කිරි මඟින් නිරෝගී පරම්පරාවක් සඳහා පිරිසිදු කිරි ලබා දීම සහතික කරනු ලබනවා. යොවුන් තෝමස් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා සහාය වීමට මෙන්ම ආචාර්ය ආර්. එල්. හේමන් කුසලානය වටා ඇති උද්‍යෝගය සහ සවිය බෙදා ගැනීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා.”

ශ්‍රී ලාංකේය ජනතාව ඉතා ගැඹුරින් වැළඳගත් සන්නාමයක් ලෙස සිය ප්‍රගතිශීලී සහ ක්‍රියාකාරී ස්ථාවරය පැල්වත්ත සමාගම විසින් නැවත තහවුරු කරමින් සිටින අතර ජල ක්‍රීඩා අංශය වෙත ප්‍රවේශ වීම ඔස්සේ රටේ ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් සිය දායකයත්වය සැපයීම සඳහා සමාගම විසින් කටයුතු කරනවා.

ආචාර්ය ආර්. එල්. හේමන් කුසලානයට සිය සහයෝගය දැක්වීම හරහා,විශ්වසනීය කිරි සැපයුම්කරුවෙකු ලෙස ඔවුන් දිනාගෙන සිටින ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින්, කුසලතාවයන්ගෙන් පිරි සවිමත් සහ පෝෂණයෙන් පිරි අනාගත නායකයන් නිර්මාණය කිරීමට ද දායකත්වය සපයනු ලැබුවා.

මේ වසරේ දී පැවැති ආචාර්ය ආර්. එල්. හේමන් කුසලාන තරඟය නැරඹීමට පැමිණි සියලු දෙනාට ශාන්ත තෝමස් විද්‍යාලයේ ජල ක්‍රීඩා පිළිබඳ දිගු ඉතිහාසයේ සාක්ෂිකරුවන් වීමට අවස්ථාව හිමි වූ අතර ශ්‍රී ලාංකික පෝෂණයෙන් පිරි පිරිසිදු කිරි නිෂ්පාදනවල දායකයත්වයෙන් ජයග්‍රාහකයන් සවිබල ගැන්විය හැකි බව මෙම අවස්ථාව ඔස්සේ පැල්වත්ත කිරි සමාගම විසින් සිහිපත් කළා.

www.pelwattedairy.com වෙත පිවිසී පැල්වත්ත කිරි නිෂ්පාදන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44