ජපානය සමග ආරවුල දුර දිග යයි – චිත්‍රපටත් වාරණය වෙයි

ටෝකියෝ සහ බීජිං අතර පුලුල් වන ආරවුලක් මධ්‍යයේ, චිත්‍රපට බෙදාහරින්නන් චීනයේ අවම වශයෙන් ජපන් චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කිරීම අත්හිටුවා තිබෙනවා.

ජපාන අගමැතිනි සානේ ටකයිචි විසින් තායිවානය පිළිබඳ කළ ප්‍රකාශ චීනයෙන් උණුසුම් ප්‍රතිචාරයක් ඇති කළ අතර වසර ගණනාවකට පසු නැගෙනහිර ආසියානු බලවතුන් දෙදෙනා අතර ඇති බරපතලම රාජ්‍ය තාන්ත්‍රික ගැටුමට මුල පිරූ සති දෙකකට පසුව මෙම සිද්ධිය වාර්තා වනවා.

ඉදිරි සතිවල නිකුත් කිරීමට නියමිතව තිබූ Super Hot! The Spicy Kasukabe Dancers සහ “Cells at Work!” චීනය තුළ ප්‍රදර්ශනය ආරම්භ නොකරන බව චිත්‍රපට බෙදාහරින්නන් උපුටා දක්විමන් cctv වාර්තා කළා.

මේ දිනවල තිරගත වූ සජීවිකරණ චිත්‍රපටයක් වන “Demon Slayer: Infinity Castle” මුලින් හොඳ ප්‍රතිචාරයක් ලැබුණද, CCTV වාර්තා කළේ මේ වන විට “චීන ප්‍රේක්ෂකයින්ගේ දැඩි අතෘප්තිය” හේතුවෙන් ටකයිචිගේ ප්‍රකාශවලින් පසු එහි බොක්ස් ඔෆිස් කාර්ය සාධනය පහත වැටී ඇති බවයි.

චිත්‍රපට ආනයනකරුවන් සහ බෙදාහරින්නන් වෙළඳපොළ ප්‍රතිචාරයට සවන් දීමට, ප්‍රේක්ෂක හැඟීම්වලට ගරු කිරීමට සහ ඉදිරියේදී නිකුත් වන චිත්‍රපට නිකුත් කිරීම කල් දැමීමට තෝරාගෙන ඇති බව CCTV පැවසුවා.

ජපානයේ පැවැත්මට තර්ජනයක් වන තායිවානයට එල්ල කරන චීන ප්‍රහාරයක් මිලිටරි ප්‍රතිචාරයක් ඇති කළ හැකි බව ටකයිචි පාර්ලිමේන්තුවේ දී පැවසීමත් සමග රාජ්‍යතාන්ත්‍රික අර්බුදය ආරම්භ වුණා.

එතැන් සිට බීජිං ජපානයට යන ගමන නවත්වන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි අතර, දකුණු අප්‍රිකාවේ මෙම සතියේ පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව චීන අගමැති ලී කියැං ටකයිචි හමුවීමට කිසිදු සැලසුමක් නොමැති බව ද ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39