Update – ජපාන භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළට

ජපානයේ ඊයේ (01) සිදු වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා.

ජපානයේ කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ භූමිකම්පාවෙන් පුද්ගලයින් 13 දෙනෙක් මේ වනවිට මියගොස් ඇති බවයි.

Update – 2024-01-02, 08.54 AM

ජපානයේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ජපානයේ ඊයේ (01) ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් සහ සුනාමි අනතුරු ඇඟවීම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය සංඛ්‍යාව මේ වනවිට 06ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මින් මරණ 04ක් ඉෂිකාවා ප්‍රාන්තයේ සිදුව ඇති බවයි ජපාන බලධාරීන් සඳහන් කළේ.

රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් ජපානයේ බටහිර වෙරළ තීරයේ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ද කටයුතු කළා.

ඒ, අනුව වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන දහස් ගණනක් ජනතාවට උස් බිම් වෙත යන ලෙස දැනුම් දුන් අතර, ඔවුන් එම මධ්‍යස්ථානවල රාත්‍රිය ගත කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට වෙරළබඩ ප්‍රදේශවල නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන ද වාර්තා වී ඇති අතර, ජපානයේ කාලගුණ ඒජන්සිය අනතුරු ඇඟවා ඇත්තේ එම පසු කම්පන දින කිහිපයක් පැවතිය හැකි බවයි.

මේ අතර ජපානයට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට ඇමෙරිකාව සූදානම් බව ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43