ජපානයේ භූ කම්පනයක්

ජපානයේ චිබා ප්‍රාන්තය සහ ටෝකියෝ නගරය ඇතුළු නැගෙනහිර ජපානයේ අද අලුයම රික්ටර් මාපක 5.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

ජපාන කාලගුණ ඒජන්සිය සහ ප්‍රාදේශීය බලධාරීන්ට අනුව මෙම භූ කම්පන තත්වයත් සමග පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

2012 වසරේ මාර්තු මාසයෙන් පසු චිබා ප්‍රාන්තයේ රික්ටර් මාපක 5 කට ඉහළ භූමිකම්පාවක් හටගත්ක පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

ජපාන කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ ඉදිරි සතියක පමණ කාලයක් මෙවැනි භූමිකම්පා ඇති විය හැකි බවයි.

චිබා ප්‍රාන්තයේ කාන්තාවන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති අතර, කනගාවා ප්‍රාන්තයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

භූ කම්පනයෙන් පසු උචිබෝ සහ සොටෝබෝ මාර්ග ද ඇතුළුව චිබා ප්‍රාන්තය හරහා දිවෙන ඇතැම් ජපන් දුම්රිය සේවා අවලංගු කිරීම් හෝ ප්‍රමාද වීම් සිදුවී තිබුණා.

ටෝකියෝහි උස් ගොඩනැගිලිවල මෙන්ම චිබා සහ කනගාවා ප්‍රාන්තවල විදුලි සෝපාන ගණනක් භූමිකම්පාව හේතුවෙන් ස්වයංක්‍රීයව නතර වූ අතර නඩත්තු කාර්ය මණ්ඩලයට ඒවා නැවත ආරම්භ කිරීමට සිදු වූ බව සඳහන්.

එහෙත් සෝපාන නිෂ්පාදන හා නඩත්තු සමාගමක් වන Elevator Systems පවසන පරිදි එහි කිසිවකු සිරවී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම භූමිකම්පාව හටගෙන ඇත්තේ දකුණු චිබා ප්‍රාන්තයේ කිලෝමීටර් 40ක් පමණ ගැඹුරින්. ජපාන කාලගුණ නියෝජිතායතනය අදාළ කම්පනයේ ප්‍රබලත්වය මුලින් රික්ටර් මාපක 5.4 ක් ලෙසට වාර්තා කළ ද පසුව එය 5.2 දක්වා සංශෝධනය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11