spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපන් රැකියා සඳහා කුසලතා පරීක්ෂණ අරඹයි..

ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව විශේෂිත නිපුණතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා කුසලතා පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙද සාත්තු සේවා සහ ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා (Nursing Care Worker & Food Service Industry) SSW එම පරීක්ෂණ පැවැත්වෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසය ඇතුළත පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, බහුවරණ ප්‍රශ්න පත්‍රයකින් (පරිගණක පදනම්ව CBT)පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

විභාග ගාස්තු පිළිබඳ තොරතුරු http://www.slbfe.lk/ වෙබ් අඩවියේ පළ කර ඇති අතර විභාග මාධ්‍ය වන්නේ ජපන් භාෂාව බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අයදුම්පත් කැඳවන දිනය හා විභාග මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු පසුව දැනුම්දෙනු ඇත. 2021 සැප්තැම්බර් 24 දින හඳුන්වා දීමේ ආරම්භක වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?