ජපන් අගමැතිනිය ඓතිහාසික ගමනකට ලබන මාසයේ දී ඉන්දියාවට

ජපාන අගමැති සානයි ටකායිචි (Sanae Takaichi) සිය ප්‍රථම නිල ඉන්දීය සංචාරය සඳහා එළඹෙන ජූලි මාසයේදී නව දිල්ලි නුවර බලා යාමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.

එහිදී ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරය දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ක්‍රියාත්මකයි.

විශේෂයෙන්ම කලාපය තුළ චීනයේ වර්ධනය වෙමින් පවතින මිලිටරි සහ ආර්ථික බලපෑම් හමුවේ, ජපානය සහ ඉන්දියාව අතර ආර්ථික සබඳතා මෙන්ම ආර්ථික ආරක්ෂණ සහයෝගීතාවය (Economic Security Cooperation) තහවුරු කරගැනීම පිළිබඳව නායකයින් දෙපළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ජපාන රජයේ ප්‍රධාන කැබිනට් ලේකම් මිනොරු කිහාරා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව ඉතා වැදගත් හවුල්කරුවෙකු වන බවයි.

කෙසේ වෙතත්, ජූලි 17 වනදායින් අවසන් වීමට නියමිත ජපාන පාර්ලිමේන්තු සැසිවාරයේ පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් අගමැතිනියගේ මෙම සංචාරයේ අවසන් තීරණ ඉදිරියේදී ස්ථිර කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18