spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජන හා නිවාස සංගණනයේ දත්ත රැස් කිරීම අලුත් ක්‍රමයකට

2023-2024 වසර සඳහා වන ජන හා නිවාස සංගණනය සඳහා දත්ත රැස් කිරීම ඩිජිටල් ක්‍රමය යොදා ගැනීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සූදානම් වනවා.

ඒ, අනුව සාම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ඩිජිටල් ටැබ්ලට් පරිගණක භාවිත කරමින් මෙම දත්ත රැස් කිරීම සිදුකිරීමට නියමිතයි.

මෙම සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියර මෙම වසරේ අගභාගයේ දී ආරම්භ කිරීමට නියමිත අතර, ගණන් කිරීමේ අදියර අරඹනු ලබන්නේ ලබන වසරේදීයි.

මේ අතර සංගණනය සඳහා ගණන් කරන්නන් 16,000ක් පමණ බඳවා ගැනීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙලෙස බඳවා ගනු ලැබෙන්න රාජ්‍ය සේවකයන් වන අතර, ලැයිස්තුගත කිරීමේ අදියරට සම්බන්ධ නිලධාරීන් පුහුණු කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුහුණු කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යා ආශ්‍රිතව සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?