ජන අරගලයකින් බිහි වූ නේපාල අග්‍රාමාත්‍යවරියට ජනපති අනුර සුබ පැතුම් එක්කරයි

නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ සුශිලා කාර්කිට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ, සිය නිල එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් එක්කරමින් පවසන්නේ, ඇයගේ නායකත්වය නේපාලය කල් පවතින සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙත සුමටව නැවත පැමිණීමක් කරා මෙහෙයවනු ඇතැයි අපි විශ්වාස කරන බවයි.

නේපාලයේ හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි ඊයේ (12) අන්තර්කාලීන අගමැතිනිය ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, එරට පැවති ජන අරගලයකින් පසු හිටපුපාලකයින් සිය තනතුරු අතහැර ජීවිත බේරාගැනීම වෙනුවෙන් සැඟව සිටින පසුබිමකයි.

මේ අතර නේපාල අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පළමු කාන්තාව ලෙස සුශිලා කාර්කි ඉතිහාසයට එක් වනවා.

02 1



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47