ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතභාවය සහතික කරලීමේ අරමුණ ඇතිව සංවිධානය කෙරෙන ‘ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවය 2025’ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

පරිසර සංරක්ෂණයට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් කර්මාන්ත, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය ආයතන, පරිසර සංරක්ෂණය සඳහා කැප වී ඇති පාසල් සහ ප්‍රජා සහභාගිත්වය අගයමින් රට තුළ පරිසර හිතකාමී කර්මාන්ත, ව්‍යාපාර සහ සේවා සංස්කෘතියක් ගොඩනැංවීම සහ පරිසර හිතකාමීව කටයුතු කිරීම සඳහා සමාජය දිරි ගැන්වීමත්, තිරසාර සංවර්ධනයට මහජනතාවගේ සහභාගීත්වය වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා.

මෙවර ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන ‘දැකුම්කලු දිවයිනක් – සොම්නසින් පිරි ජනතාවක්’ යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගනිමින් සංවිධානය කිරීම විශේෂත්වයක් වන අතර, එහිදී ‘පරිසර හිතකාමී කර්මාන්ත අංශය’ ‘පරිසර හිතකාමී රාජ්‍ය ආයතන අංශය’ ‘පරිසර හිතකාමී පෞද්ගලික අංශය’ ‘පරිසර හිතකාමී පාසල් අංශය’ ‘පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති අංශය’ ‘පරිසර හිතකාමී නව නිර්මාණ අංශය’ ‘පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන පරිසර සංවිධාන අංශය’ ‘ජනමාධ්‍ය අංශය’ ‘සමාජ මාධ්‍ය අංශය’ යන අංශ 09 යටතේ රන් සම්මාන 17ක්, රිදී සම්මාන 29ක්, ලෝකඩ සම්මාන 38ක්, කුසලතා සම්මාන 47ක් සහ ජූරියේ විශේෂ සම්මාන 01ක් ලෙස සම්මාන 132ක් පිළිගැන්විණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක රන් සම්මාන ප්‍රදානය කිරීමට එක් වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ යන මහත්වරු විසින් ජනාධිපතිවරයා වෙත පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කළ විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලැබුවා.

සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපතිවරයා සම්මානලාභීන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් වුණා.

ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවය ඇමතූ පරිසර අමාත්‍ය දම්මික පටබැදි සඳහන් කළේ රජය, කර්මාන්ත සහ ජනතාව එක්ව පොදු අරමුණක් වෙනුවෙන් වෙහෙසෙන කල, ජයග්‍රහණය කළ නොහැකි දෙයක් නොවන බවයි. රජය, කර්මාන්ත සහ ජනතාවගේ එකමුතුව ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ සහාය, දිරිමත් කිරීම් සහ තාක්ෂණික මඟපෙන්වීම ලබා දීමට පරිසර අමාත්‍යාංශය කැප වී සිටින බවද අමාත්‍යවරයා පැවසුවා.

පරිසරය සුරැකීම එක් ආයතනයකට හෝ අමාත්‍යාංශයකට පමණක් පැවරෙන කාර්යභාරයක් නොවන බවත්, එය සාමුහික සහ ජාතික ප්‍රයත්නයක් බවත් වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනාධිපති පරිසර සම්මාන උලෙළ හුදු ජයග්‍රහණය සැමරීමේ අවස්ථාවක් පමණක් නොව හරිත, පිරිසිදු සහ වඩාත් තිරසර රටක් ලෙස ඉදිරියට යාමේ අවස්ථාවක් කර ගනිමු යැයිද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල යන අය මෙහිදී අදහස් දැක් වූ අතර, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සහ පරිසර අමාත්‍යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සම්මානලාභීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44