ජනාධිපති අරමුදලෙන් හිමිවන වෛද්‍යාධාර මුදල් ඉහළට

ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා.

මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂනායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙක් ඇතුළුව සාමාජිකයන් 07දෙනෙක්ගෙන් සමන්විත වනවා.

ඒ අනුව අද දිනයේ රැස් වූ පාලක මණ්ඩලයේදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු සහ ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ සම්පූර්ණ විස්තරය පහතින්,

  • වෛද්‍යාධාර මුදල් ඉහළට

කමිටු නිර්දේශවලට අනුව, දැනට ලබා දෙන වෛද්‍යාධාර ගාස්තු සංශෝධනය කරමින් එම ආධාර මුදල වැඩි කිරීමට තීරණය විය. වෛද්‍යාධාර ලබා දීමේදී දැනට පවතින දැඩි නිර්ණායක ලිහිල් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ආධාර ලබා ගත හැකි වන පරිදි සරල කිරීමටද මෙහිදී එකඟතාව පළ වී ඇති අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණක් වෛද්‍යාධාර ලබා දීමටද තීරණය වී තිබෙනවා.

  • විශේෂ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල සිසුන්ට රු. 100,000 ක ආධාර

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ඔවුන්ගේ අධ්‍යාපන සහ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක එකවර ගෙවන ආධාර මුදලක් ලබා දීමට පාලක මණ්ඩලය මෙහිදී තීරණය කර තිබෙනවා.

  • උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීම

සෑම දිස්ත්‍රික්කයකම එක් විෂය ධාරාවකින් වැඩිම ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන්ට මෙතෙක් ලබා දුන් ශිෂ්‍යත්ව සංඛ්‍යාව 10 සිට 20 දක්වා දෙගුණ කිරීමට ජනාධිපතිවරයාගේ යෝජනාව පරිදි තීරණය වී තිබෙනවා.

  • සැත්කම් පෝලිම් අවම කිරීම:

රජයේ රෝහල්වල හෘද සැත්කම් (Heart Surgeries) සහ ඇසේ සුද ඉවත් කිරීමේ (Cataract) සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් අවම කිරීම සඳහා ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට මෙහිදී සාකච්ඡා වී ඇති අතර මේ යටතේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු වුණා.

  • ආපදා සහන:

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වල පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 10,000 ක විශේෂ සහනයක් ලබා දීම දැනටමත් ආරම්භ කර ඇති අතර, එමගින් සිසුන් 54,000 කට අධික පිරිසකට දැනටමත් ප්‍රතිලාභ ලැබී තිබෙනවා.

එමෙන්ම, විදේශගතව සිටියදී ආපදාවලට ලක් වූ පවුල්වල , වකුගඩු රෝගීන්ගේ පවුල්වල සහ අවදානම් සහිත රැකියාවල නිරතවන්නන්ගේ පවුල්වල දරුවන් වෙනුවෙන් ලබා දෙන අධ්‍යාපනික ආධාර වැඩි කිරීමට ඇති අවස්ථා පිළිබඳවද මෙහිදී සොයා බලනු ලැබුවා.

  • වගවීම සහ විනිවිදභාවය:

ජනාධිපති අරමුදලේ මූල්‍ය තත්ත්වය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති අතර, අරමුදල මගින් ආධාර ලබන්නන්ගේ ප්‍රමාණයන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙබ් අඩවියේ පළ කිරීමටත්, විනිවිදභාවය තහවුරු කිරීමටත් උපදෙස් දෙනු ලැබුවා.

ජනාධිපති අරමුදල මගින් සිදු කෙරෙන මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් ද පසුගිය වසරේදී දෙගුණයකින් පමණ වැඩි කර ඇති අතර, 2025 වර්ෂය සඳහා ද වැඩි දෙනෙකුට ප්‍රතිලාභ ලැබෙන පරිදි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට පාලක සභාවේ අනුමැතිය හිමි වුණා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි, හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44