ජනාධිපතිවරණ අපේක්ෂකයින් සංඛ්‍යාව තවත් ඉහළට – අදත් තුනක් ඇප බදී

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද (09) දිනය තුළ අපේක්ෂකයින් තිදෙනෙක් ඇප මුදල් තැන්පත්කර ඇති බවයි.

ඒ, අනුව නව සම සමාජ පක්ෂය නියෝජන කරමින් ප්‍රියන්ත පුෂ්පකුමාර අද දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

එමෙන්ම අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණය සඳහා ජේ.ඩී.කේ. වික්‍රමරත්න අද ඇප මුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඊට අමතරව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජේ.තිලකරාජා මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.