spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණය ගැන පාඨලීගෙන් අනතුරු ඇඟවීම්

ජනාධිපතිවරණය ආසන්න වනවිට නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනතුරු අඟවනවා.

2015 වසරෙන් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගත් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත්වීමෙන් පසු මෙම ගැටලුකාරී බලවේග ආරම්භ වූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී නැවතත් එවැනි විනාශකාරී බලවේග ක්‍රියාත්මක විය හැකි බවත් එවැනි ජාති ආගම් භේද මතුකිරීම පාලනය කිරීමේ වගකීම වර්තමාන ජනපතිට සහ ආරක්ෂක අංශවලට ඇති බවත් ඔහු අවධාරණය කළා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය ද එවැනි බලවේගයක ක්‍රියාවක් විය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සදහන් කළේ.

පාස්කූ ප්‍රහාරය සම්බන්ධ නිවැරදි තත්වය සෙවීම රජයේ වගකීමක් බව ද ඊයේ (29) දින පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණ සමුළුවේ දී මන්ත්‍රීවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?