ජනාධිපතිගේ රට ගමන්වල වියහියදම් වාර්තාව පාර්ලිමේන්තුව

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය වැය ශීර්ෂ වියදම්වලින් 58%ක් අඩුකරගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අද (15) ආරම්භ වූ 2026 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙමගින් ජනාධිපතිවරයා කෝටි 30කට ආසන්න මුදලක් ඉතිරි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා මහ මන්දිර කිසිවක් පාවිච්චි නොකරන බව පැවසූ අමාත්‍යවරයා, ඔහු ලබාදුන් ආදර්ශය වෙනත් කිසිම නායකයෙකු ලබාදී නැති බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ජනාධිපති, අගමැති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයය අද (15) පාර්ලිමේන්තුවේ දී පැවැත් වෙනවා.

මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම විවාදයේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා විදෙස් නිල සංචාර සඳහා වියදම් කර ඇති මුදල් ප්‍රමාණයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර ම දක්වා විදෙස් සංචාර අටක නිරත වී ඇති බවයි.

එම සංචාර 08 සඳහා ජනාධිපතිවරයා වියදම් කර ඇත්තේ මිලියන 14යි දශම 09ක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2024 දෙසැම්බර් 15-17 අතර ඉන්දීය සංචාරය සඳහා වියදම මිලියන 1.2යි
2025 ජනවාරි 14 චීන සංචාරය සඳහා වියදම මිලියන 0.8යි
2025 පෙබරවාරි 10-13 එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය සඳහා වියදම මිලියන 0.5යි
2025 මැයි 04-06 වියට්නාම සංචාරය සඳහා වියදම මිලියන 1.9යි
2025 ජුනි 11-13 ජර්මන් සංචාරය සඳහා වියදම මිලියන 4.0යි
2025 ජුනි 28-30 මාලදිවයින් සංචාරය සඳහා වියදම මිලියන 0.7යි
2025 සැප්තැම්බර් 23-26 එක්සත් ජාතීන්ගේ සැසිය සඳහා ඇමරිකාවටත්, අනතුරුව ජපානයේ සංචාරය සඳහා වියදම මිලියන 5.5යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?