ජනාකීර්ණ වෙරළ තීරයට කඩා වැටුනු හෙලිකොප්ටරය

අමෙරිකාවේ වඩාත් ජනාකීර්ණ මුහුදු ප්‍රදේශයක් වන මියාමි වෙරළට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.

එම හෙලිකොප්ටර් යානය කඩා වැටුණු වෙරළේ සිටි අයෙකුගේ කැමරාවක මෙලෙස පටිගත ව තිබුණි.