spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ලක්ෂය ඉක්මවයි

ගතවූ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් 100,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසනවා.

මෙම වසරේ ජනවාරි 1 වනදා සිට 31 දක්වා කාලය තුළ විදේශීය සංචාරකයින් 102,545 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි අධිකාරිය ප්‍රකාශ කළේ.

එය 2022 ජනවාරි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් 82,327 හා සැසඳීමේ දී සංචාරකයින් 20,218ක වැඩි වීමක්.

වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 25,254 ක්.

ඊට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 13,759ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 8,483ක් පැමිණ තිබෙනවා.

අනෙක් පිරිස පැමිණ ඇත්තේ ජර්මනිය, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, මාලදිවයින සහ ඊශ්‍රායලය යන රටවලින්.

සංචාරකයන් පැමිණීමට අදාළ සම්පූර්ණ වාර්තාව මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?