ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක්

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳ ව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සඳහා මාධ්‍ය පිළිබඳ වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවර මේ වනවිට (20) ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව එම මණ්ඩලයේ නිලධාරීන් හා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

පසුගිය රජයන් කිහිපයක් ම මෙවන් ආයතනයක් ස්ථාපිත කිරීමට උත්සාහ ගෙන තිබුණ ද එය මේ දක්වා සාර්ථක වී නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය වුණා.

ඉදිරි කාලපරිච්ඡේදය තුළ මෙම ආයතනය ස්ථාපිත කිරීම අමාත්‍යංශයේ අපේක්ෂාව බව පැවසූ අමාත්‍යවරයා, ඒ තුළින් මෙරට මාධ්‍ය වෘත්තියේ නිරතවන්නන්ට සිය වෘත්තියට වටිනාකමක් ලබාදීම මෙන් ම පරිපූර්ණ ජනමාධ්‍යවේදීන් දැයට දායාද කිරීමේ හැකියාව ද ලැබෙන බව පැවසුවා.

ජනමාධ්‍යවේදීන්ට සිය නිදහස, ස්වාධීනත්වය සහ ගරුත්වය ආරක්ෂා කරදීමත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් අරමුණ කර ගනිමින් වසර පනහක් පමණ පැරණි 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත නව සන්නිවේදන ප්‍රවණතාවන්ට යෝග්‍ය පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ජනමාධ්‍යවේදීන් සදහා ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාක්මක වූවත්, වර්තමානය වනවිට එහි යම් යම් සංශෝධන සිදුවිය යුතු බව පෙනී ගොස් ඇති බව ද මෙහිදී අනාවරණය කෙරුණා.

මෙරට තුළ නීතිගරුක, මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරගත් පරිපූර්ණ වෘත්තීය නිපුණත්වයකින් හෙබි ජනමාධ්‍යවේදීන් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මූලිකත්වයෙන් ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යයන කටයුතු, සුබසාධනය, වෘත්තීය නිපුණත්වය ඉහළ දැමීම ආදි ක්ෂේත්‍ර සදහා විවිධ වැඩසටහන් දීපව්‍යාප්තව සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වුණා.

විශේෂයෙන් ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස මෙහි දී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම දැනටමත් පුවත්පත් මණ්ඩලය පාසල් දරුවන්ට හා සන්නිවේදන විෂයට ලැදියාවක් දක්වන්නන් ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන විශේෂ වැඩමුළු මාලාව ද මනා සංවිධාන ව්‍යුහයක් යටතේ අඛ‍ණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී තිරණය කරනු ලැබුවා.

මෙම සාකච්ඡාමය අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල්.විජේනායක, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, වත්මන් සභාපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත, නීතීඥ මහීෂා මුදුගමුව, ලෙස්ලි දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44