ජනප්‍රිය නිළි සේමිණිට අධිකරණයෙන් දඩ ගැසූ හේතුව

බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙන යාමේ චෝදනාවකට වරද පිළිගත් ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15,000ක දඩයක් ගෙවන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් පී. ඩී. පෙරේරා මහතා නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව පැමිණීල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසිනි. නඩුව අධිකරණය හමුවේ විභාග වන අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසීටීම මත සැකකාර සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියට ඉකුත් නඩු දිනයේදී වරෙන්තු නිකුත් වී තිබුණා.

ඒ අනුව අද (16) අධිකරණය හමුවේ පෙනී සිටි ඉද්දමල්ගොඩ මහත්මියගේ වරෙන්තු ආපසු කැදවීමට අධිකරණය තීරණය කළේ.

මෙම වරද සම්බන්ධයෙන් වූ චෝදනා පත්‍රය ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු වැඩබලන අධිකරණ භාෂා පරිවර්තක චින්තක උහනෝවිට මහතා විත්තිකාරියට චෝදනා පත්‍රය කියවා දීමෙන් පසු එම චෝදනාවට තමන් වැරදිකරු බවට ඇය අධිකරණය හමුවේ පිළිගනු ලැබුවා

ඒ අනුව, අදාළ චෝදනාවට වරද පිළිගත් චූදිතට රුපියල් 15,000ක දඩයක් නියම කිරීමට අධිකරණය තීරණය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39