ජනප්‍රිය නිළි රුවන්ගි රත්නායකගේ රහසක් හෙළි වෙයි

මේ සති අන්තයේ My Travel ගැන කතා කරන්න අපත් සමඟ එකතු වන්නේ ඔබ අප කවුරුත් දන්නා රුවන්ගි රත්නායකයි.

රුවන්ගි මොනවාද මේ දවස්වල අලුත් තොරතුරු?
මේ දවස්වල අලුත් තොරතුරු තමයි එක්තරා නාලිකාවක ටෙලිනාට්‍යයක වැඩ කටයුතු පටන් ගත්තා. ඊට අමතරව නම් ගෙදරට වෙලා විවේකීව ඉන්නවා.

රුවන්ගි ඔබ Travel කරන්න කැමති කෙනෙක්ද?
Travel කියන දෙයට ගොඩක් කැමති වගේම ගොඩක් ආදරය කරන කෙනෙක්.

ඔබ Travel කියන දේ කුඩා කාලයේ සිට කරනවාද?
මෙහෙමයි. කුඩා කාලයේ ඉඳන්ම ඇවිදින එක කළා. නමුත් ඒ කාලයේ අපිට යම්කිසි සීමාවක් තියෙනවා. නමුත් දැන්නම් එහෙම නෑ. මම විවේකයක් ලැබුණොත් Travel එකක් කරනවා.

මේ වනතුරු ඔබ කරපු Travel වලින් ඔබේ හිතට දැනිච්චම ගමන මොකක්ද?
මම ලංකාවෙ ගොඩක් තැන්වල ඇවිදලා තියෙනවා. ඒ වගේම විදෙස් සංචාරත් කිහිපයක්ම කරලා තියෙනවා. ඒ අතරින් මම වඩාත්ම කැමති ඩුබායි වල කරපු සංචාරයට.

ඇයි ඔබ ඩුබායි ගමනට එච්චරටම කැමති?
මම ඩුබායි ගමන ගියේම Shopping කරන්නයි. ඒ විතරක් නෙවෙයි ලස්සන ලස්සන තැන් කිහිප තැනකටමත් යන්න පුළුවන් වුණා. මම පිටරට සංචාරයක් කළොත් ඒ සංචාරයේදී Shopping කියන දේ මට ඕනි විදිහට කරන්න පුළුවන් වුණොත් තමයි ඒ ගමන සම්පූර්ණ වෙන්නෙ. ඒ නිසා තමයි මම ඩුබායි ගමන ආසා කරන්නේ.

ඩුබායි ගමනේදී සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
ඒ ගමනේදී සිදුවුණු අමතක නොවන සිදුවීම තමයි වැඩිය කාටවත් ලෙහෙසියෙන් යන්න බැරි Atlants හෝටලයට යන්න පුළුවන් වුණා. ඒ අවස්ථාව නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

විදෙස් සංචාර වගේම ලංකාවේත් බොහෝ තැන්වල ඔබ ඇවිදපු කෙනෙක් හැටියට ලංකාව ඇතුළත ඔබ Travel කරන්න වඩාත් කැමති තැන් එහෙම ඇති නේද?
ඔව්. ගොඩක් තැන් තියෙනවා. ඒත් මම වැඩිපුර කැමති මුහුද ආශ්‍රිත තැන්වලට යන්න. ඒ කියන්නේ පහතරට ප්‍රදේශවල වගේ. එක දිගට වැඩකරලා විවේකයක් අවශ්‍ය වුණොත් මම මාතර, ගාල්ල, හික්කඩුව, උණවටුන වගේ පැතිවලට තමයි යන්නේ.

රුවන්ගි ඔබ Travel කියන දේ මොන විදිහටද දකින්නේ?
මම හිතන්නේ Travel කියන්නේ අපි කැමති අය සමඟ ඇවිදින්න යන එකම කියලයි. ඒ දේ මටනම් අත්‍යවශ්‍ය දෙයක් කියලා තමයි හිතෙන්නේ. ඒ මම Travel වලට ආදරය කරන නිසායි. ගොඩක් වෙලාවල්වලට අපි වැඩි හරියක් ඉන්නේ කොළඹ ගෙවල් ඇතුළටම වෙලායි.
ඒ නිසා දුර පැත්තකට ගිහිල්ලා ඇවිදලා නිදහසේ ඉඳලා එන එක මට නම් අත්‍යවශ්‍යයි කියලා හිතෙනවා.

ඔබ Travel එකක් කරන්න වැඩිපුර කැමැති කාත් සමඟද?
ඒ දේ ගමනෙන් ගමනට වෙනස් වෙනවා. මම පවුලේ අය සමඟත් Travel කරන්න කැමතියි. මගේ මහත්තයා එක්කත් යන්න කැමැතියි. යහළුවෝ එක්කත් යන්න කැමැතියි. ඒ සියලු දේ අපි තෝරාගන්න ගමන අනුව වෙනස් වෙනවා.

රුවන්ගි ඔබ කවදාවත් නොගියපු නමුත් යන්න ආසාවෙන් ඉන්න තැනක් තියෙනවාද?
මට ලොකු ආසාවක් තියෙනවා ග්‍රීසියට යන්න. ඒකට හේතුව තමයි මම අහලා තියෙනවා ග්‍රීසිය ගොඩක් ලස්සන රටක් කියලා. ඉතින් මම මගේ මහත්තයත් එක්ක ග්‍රීසියට යන්න ආසාවෙන් තමයි ඉන්නේ.

ඔබ වගේ Travel කරන හෝ කරන්න ආසාවෙන් ඉන්න අයට කියන්න දෙයක් තියෙනවාද?
මම හිතනවා පෞද්ගලිකව සෑම කෙනෙක්ම කැමති Travel කරන්න. අපි ආස තැන්, අපි කරන්න කැමැති දේවල් ඕනේ තරම් තියෙනවා.
නමුත් අපි හැම වෙලේම අපගේ ආර්ථික මට්ටම සමාජ මට්ටම අනුව තමයි අපි Travel කරන්න සැලසුම් කරන්න ඕනේ. ඒ දෙය තමයි ලොකුම දේ. සමහර වෙලාවල්වලදී අපේ හිතේ තියෙන ලොකු බලාපොරොත්තු හැබෑ කරගන්න ගිහිල්ලා අමාරුවේ වැටුණු අවස්ථා දැකලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ අපිට ගැලපෙන විදිහට තමයි අපි Travel කරන්න තෝරාගන්න ඕනේ කියලා මම කියනවා.

චන්න කස්සප කෝරලේආරච්චි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56