spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති 21 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසිවාරය (UNGA 78) සැප්තැම්බර් 18 වැනිදා සිට 26 වනදා දක්වා නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත් වීමටයි නියමිතව ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම නාම ලේඛනයට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට නියමිතව තිබෙනවා.

සැසිවාරය අතරතුර, තරුණ නායකයින් ඇතුළු ලෝක නායකයින්, ගෝලීය බහුඅර්බුධයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කර විවාද කරනු ඇති.

එමෙන්ම තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය මත පවතින ක්‍රියාමාර්ග වේගවත් කිරීමට උපාය මාර්ග සොයා ගැනීම ද මෙහිදී සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?