spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සහ පර්ත් නුවර ඩයස්පෝරාව අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පර්ත් නුවර සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි සඳහන්.

එහිදී පර්ත් නුවර සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාස, සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා රජයට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවයි.

මේ අතර, බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද උදෑසන ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?