ජනපති සහ නේපාල අගමැති හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් මහතා අතර නිල හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමාගාමීව අද (20) නිව්යෝර්ක් නුවරදී සිදු වී තිබෙනවා.

දෙරට අතර අතීතයේ සිට පවතින දේශපාලනික, ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මෙම වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිය ඒ සඳහා ඉතා වැදගත් පියවරක් වනු ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේ දී ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ නේපාල අග්‍රාමාත්‍යවරයා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අදහස් දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා සහ නේපාල ජනතාව අතර ආගමික හා සංස්කෘතික වශයෙන් බොහෝ සමානතාවයන් පවතින බවත්, දෙරට අතර සබදතා පුළුල් කර ගැනීමේ දී එය මනා රුකුලක් වනු ඇති බවත් මෙහිදී නායකයන් දෙපළ පිළිගෙන තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අධ්‍යාපන අවස්ථා ඉහළ නංවා ගැනීම මගින් අන්තර් පුද්ගල සබඳතා වැඩි දියුණු කර ගැනීම සහ සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර බහුපාර්ශ්වික සංසදවලදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද නායකයන් විසින් සාකච්ඡා කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16