ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි වාරිකය ලබාදීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත් වුණා.

ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදාගෙන සංවර්ධනය කරා රැගෙන යාම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, ඒ සඳහා උපායමාර්ගික වැඩ පිළිවෙලක් රජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසුවා.

එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමේ ක්‍රියාවලියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන සහාය ඉතා අගය කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ආර්ථික පුනර්ජීවනයක් අත්පත් කර දිය හැකි රටක් ලෙස මේ රට සංවර්ධනය කිරීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ඉලක්ක ද අභිබවා යාමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් රජය සතුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

ආර්ථික පුනර්ජීවනයක් අත්කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නම් දේශීය හා විදේශීය ආයෝජකයින් තවදුරටත් කැඳවා ගත යුතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඒ වෙනුවෙන් ආයෝජනයට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුව ඇති බව ද අවධාරණය කළා.

බිද වැටී තිබූ මෙරට ආර්ථිකය ගොඩගැනීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අගය කළ අතර, ඒ සඳහා ඉදිරියේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද දෙපාර්ශ්වය තවදුරටත් සාකච්ඡා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30