spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

රට මුහුණ දී සිටි දුෂ්කරම තත්ත්වය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාවය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරණ ප්‍රයත්නයන් සඳහා තවදුරටත් සිය රජයේ සහයෝගය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වූ අතර මතුව ඇති ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා එක්සත් ජනපදය අඛණ්ඩව සහය දක්වන බව වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය අවධාරණය කළා.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඒ සම්බන්ධව රටේ සුළු පක්ෂ සමඟ පැවැත්වෙන සාකච්ඡා මෙන්ම සංහිඳියාවට අදාළව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

වර්ධනය වන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීමේ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව ද සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර ඒ සඳහා එක්සත් ජනපදයේ පූර්ණ සහාය ලබා දෙන බව වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?