ජනපති විදෙස්ගත වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින අලුයම පෞද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිතුමා සමග මෙම සංචාරය සඳහා 05 දෙනෙකුගෙන් යුත් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිතුමා ඇතුළු මෙම පිරිස අද දින අලුයම 01.00 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරු බලා පිටත්ව ගොස් තිබුණා.