ජනපති රනිල් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර විශේෂ හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ඊයේ (06) හමුවුණා.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ 27 වැනි සමුළුව සහභාගිවීමට ජනාධිපතිවරයා ඊජිප්තුවේ කයිරෝ නුවරට ගිය අවස්ථාවේ මෙම හමුව සිදුව තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ “ජාතික පාරිසරික ප්‍රතිපත්තිය” සම්බන්ධයෙන් ගෙන ඇති සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කෝප්-27 සමුළුව මෙවර ඊජිප්තුවේ ශාම් එල්-ශීක් හිදී ඊයේ (06) ආරම්භ වූ අතර, එය ලබන 18 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?