spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල්ට ජපානයේ පුර්ණ සහාය (ඡායාරූප)

බිඳ වැටුණු ආර්ථීකය යළි ගොඩනැගීමේ මෙරට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට ජපාන රජයේ පූර්ණ සහාය හිමිවන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාව ජපානයෙන් උගත යුතු ආර්ථික සංවර්ධනය හා නවීකරණය පිළිබඳ පාඩම්” යන මැයෙන් සංවිධානය කර තිබු විද්වත් කතිකාවට එක්වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විද්වත් කතිකාව ඊයේ (21)දින කොළඹ ග්‍රැන්බෙල් හෝටලයේ දී සංවිධානය කර තිබුණා.

“ජපානයේ නවීකරණය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ පාලනය සඳහා උගත යුතු පාඩම්” යන මැයෙන් සිය ප්‍රධාන දේශනය සිදු කළ තානාපතිවරයා ජපාන ඉතිහාසය තුළින් අභියෝග ජයගැනීම, නූතන වෙනස්වීම් සඳහා අනුගතවීම සහ සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කිරීම සම්බන්ධව සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් අදහස් පළ කළා.

එදා සිට අද දක්වාම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවතින බවත් වර්තමානයේ දෙරටේ නායකයින් දෙපළ අතර එම සබදතාව තවදුරටත් වැඩිදියුණු කරගනිමින් සමීපව පවත්වාගෙන යන බවත් ජපාන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

image 27
image 28
image 28
6dcf1a86 e08d 4e31 bbe3 a0e5ee7aef00
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?