ජනපති රනිල්ට ඉන්දියාවේ දී උණුසුම් පිළිගැනීමක්

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නවදිල්ලි හි ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (09) පෙරවරුවේ ඉන්දියාවට ළගා වුණා.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී.කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙනුකා සෙනෙවිරත්න යන අය විසින් ගුවන්තොටුපොළේ දී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් අතර ඉන්දීය සංස්කෘතිකාංග පිළිබිඹු වන ආකාරයේ නර්තනාංගයක් ද පැවැත් වුණා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හි දී අද (09) පස්වරුවේ පැවැත්වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර, නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි වුණා.

දින 44ක් අදියර හතක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජයගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය සමත් වූ අතර, එම ජය තහවුරු කර ගැනීමෙන් පසුව නරේන්ද්‍ර මෝදි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයා ලෙස නිල වශයෙන් පත් කෙරුණා.

මෙම ඉන්දීය සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්‍ඩ්‍රා පෙරේරා යන අය ද සහභාගී වී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42
Video thumbnail
පොල්පිති ඇමතිලා රටට ඕනි නෑ - මේ ඇමති සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්ද ?
05:39
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනි නම් ඉස්සෙල්ලම විපක්ෂ නායක අස්වෙන්න - සාර්ථක වුණානම් එයා ඉන්නේ ජනපති පුටුවේ
07:21
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ව මිණීම#වන් කරන්න එපා - තොරතුරු ගන්න බෑ..ඒ ඔෆිස් ගිනි තියලා තියෙන්නේ
05:00