ජනපති යළි දිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩුබායි හි පැවති ” දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ” සහභාගී වීමෙන් අනතුරුව ඊයේ (04) රාත්‍රී යළිත් මෙරටට පැමිණියා.

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ (04) දින රාත්‍රී 09.55 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනි බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

මෙම සමුළුවට සහභාගී වීම සදහා ඉකුත් 30 වන දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්