ජනපති මැදුරේ තිබූ මුදල් සොයාගැනීමේ සිද්ධියේ දේශබන්දුගේ පෙත්සම විභාගය ඇරඹේ

අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (19) අභියාචනාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා.

එහිදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කිරීම සිදුකළා.

ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ අදාළ පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ සිතාසිය නීතියට පටහැනි බවයි.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 22 වනදා දක්වා කල් තැබුණා.

මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත් වරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා මෝසමක් ගොනු කර තිබෙන බව දන්වා සිටියා.

එම මෝසම ප්‍රතික්ෂේප කළ බවත් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14