ජනපති, තවත් රාජ්‍ය ආයතනයක් නිරීක්ෂණය කිරීමට යයි

සංචාරකයන්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බවත් ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

වසරේ පළමු කාර්තුවේ දී සංචාරකයන් 260,000කට අධික පිරිසක් පැමිණ සිටින බැවින් එය පසුගිය වසරේ සමස්ත සංචාරකයන්ගේ පැමිණීමට වඩා ඉහළ අගයක්. වසර අවසානය වන විට සංචාරකයන් මිලියන 1.3ක ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි. සංචාරක ක්ෂේත්‍රයේ සියලු අංශ ඒ සඳහා සූදානම් කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබුවා.

කොළඹ 03, ගාලු පාරේ, අංක 80 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද පෙරවරුවේ නිරීක්ෂණය කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.

සැලසුම්සහගතව හා ක්‍රමානුකූලව සංචාරක ව්‍යාපාරයේ දියුණුව මගින් වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා 1966දී සංචාරක මණ්ඩලය ස්ථාපිත කෙරුණු අතර 2005 වසරේ දී එය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය බවට පත් විය.

සංචාරකයන් ගෙන්වා ගැනීම, නවාතැන් හා නිවාඩු නිකේතන සැලසුම් කිරීම, සංචාරක හෝටල් සහ සංචාරක ආයතන ඇතුළු සංචාරක සේවාවන් ලියාපදිංචිය හා වර්ගීකරණය, බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සංචාරක කර්මාන්තයට අදාළ සියලු ක්ෂේත්‍ර අධීක්ෂණය සඳහා සංචාරක සංවර්ධන අධිකාරියට බලතල පැවරී ඇත.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය, සමුළු කාර්යාංශය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වූ කාර්ය මණ්ඩලයේ කැපවීම ඇගයීමට ලක් කර සිටියා.

ඩොලර් බිලියන 10ක මුදලක් වාර්ෂිකව සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීම රජයේ ඉලක්කය වී ඇත. පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැවැන්ත පහරක් එල්ල කෙරිණ. කොවිඩ් වසංගතය හේතුවෙන් එය තවදුරටත් බිඳ වැටීමට ලක් විය. සංචාරක ක්ෂේත්‍රයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් වේගවත් ප්‍රවර්ධනයක් සඳහා රජය සියලු පියවර ගෙන ඇත.

එන්නත්කරණ වැඩපිළිවෙළිහි සාර්ථකත්වය මත නැවත සංචාරක කර්මාන්තය හිස ඔසවමින් පවතින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දුන්නේ.

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව දේශීය හා විදේශීය රැකියා විශාල සංඛ්‍යාවක් පවතී. ඊට සරිලන පරිදි පුහුණු අවස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේ. ඒ සඳහා රට පුරා ව්‍යාප්තව ඇති හෝටල් පද්ධතියේ සහාය ලබාගනිමින් තරුණයින් සඳහා ප්‍රායෝගික පුහුණුවත්, න්‍යායාත්මක දැනුමත් ලබාදීමට සැලසුම් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දී සිටියා.

සංචාරක කර්මාන්තය බිඳ දැමීමට විවිධ ආකාරයේ සැලසුම්සහගත ප්‍රචාරණයන් ගෙන යමින් ඇත. එවැනි පසුබිමක වුවද සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතී. පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය. මෙරටට පය තැබීමේ සිට නැවත පිටත්වීම දක්වා ඉහළ ආගන්තුක සත්කාරයක් සමග සිත්ගන්නා සුළු සේවාවක් සැපයීමට කටයුතු සැලැස්වීම සංචාරක සංවර්ධන අධිකාරිය සතු වගකීමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේ.

ගුවන් සමාගම් සමග සාකච්ඡා කර මෙරටට පැමිණෙන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට පියවර ගන්නා ලෙසට මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබුවා.

එමෙන්ම යාල, කුමන, මින්නේරිය ඇතුළු වනෝද්‍යාන හා වෙරළ කලාපය සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

1
2
3
4
5
6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43