spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති ට ගොවීන්ගෙන් ආරාධනා

හරිත ගොවිතැන ක්‍රියාත්මක කිරීම සඳහා ගොවීන් සමග එකතු වී කටයුතු කිරීමට, තමන් ජනාධිපතිවරයා ට ආරාධනා කරන බව ගල්ඔය වම් ඉවුර ව්‍යාපාර ගොවි කමිටුව පවසයි.

එම කමිටුවේ සභාපති සී.එච් කුමාර මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයා ඍජුව ගොවීන් සමග සම්බන්ධ වී එයට අදාළ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇති බවත් එවිට මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවිය හැකි බවත්ය.

“ඔය වටේ ඉන්න අය අතහැරලා එතුමා ඇවිල්ලා මේ ගොවියෝ එක්ක එකට වැඩ කලොත් ඔය කියන හරිත ගොවිතැන කරන්න පුළුවන්. ඒක කරලා පෙන්නනම්. හැබැයි ඒකට අවශ්‍ය මුලික අවශ්‍යතා ටික හදන්න ඕනේ.” 

ගොවීන් ට සිදුවු හානියට පෙබරවාරි මස 15 වනදා වනවිට නිසි පිළිතුරක් නොලැබුණහොත් ඔවුන් පාරට බසින බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?