ජනපති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි සකසා ඇති අදාල ලිපිය කථානායකවරයා වෙත යොමු කිරීමෙන් පසු, එය හෙට (13) දිනයේ දී ජාතියට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ඇති.

මෙරට ඉතිහාසයේ සිය ධුර කාලය නිම වීමට පෙර ඉල්ලා අස් වූ ප්‍රථම සහ එකම ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වනවා.

ඔහුගේ ධුර කාලය 2024 නොවැම්බර් මාසයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

  1. මහින්දටත් ගෝඨාබයටත් රටේ මිනිස්සුන්ගේන් මල් තියලා වැදගේන ඉන්න තිබුනා පිලිරැවක් හදාගේන හැමදාම ජනතාවගේ හදවතේ රැදිලා ඉන්න තිබුනා එත් එකට පින නැ දැන් කරන්න දේයක් නැ බලයට කැදර කමින් රාජපක්ස පවුලම අද බලුවේලා රටේ ජනයාගේ හදවත්වල අද රාජපක්ස කියන නම වෙරයක් සේ හදවත සෝරාගේන තියේන්නේ රටට කල සේවයට වඩා රටටත් රටේ ජනතාවටත් කල අාසාධාරනට විනාසයට දැන් රටේ ජනතාවගේන් සමාවක් නැත.රටේ හැම මනුස්සයේක්ම තොපිට වෙෙර කරනවා සත්තයි