ජනපති ඉන්දුනීසියාවේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එලැබන සෙනසුරාදා (18) ඉන්දුනීසියාව බලා පිටත් වීමට නියමිතයි.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව යන්නේ.

මෙම සමුළුවේ ඉහළ පෙළේ හමුව මැයි 18 සිට 25 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා 18 වැනිදා සිට 20 දක්වා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වනු ඇති.