ජනපති අද පාර්ලිමේන්තුවට – ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක්

ජනාධිපතිවරයා අද (27) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුව දැනුම් දුන්නා.

එහිදී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්කවල සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම නියමිත බවයි සභානායකවරයා සඳහන් කළේ.