spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ ෆේස්බුක් පිටුවට හරීන් සහ මනූෂව අමතක වෙලාද ?

නව කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

අද දිනයේ දිවුරුම් දුන් ඇමතිවරුන් අතර සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ද සිටීම විශේෂත්වයක්.

මේ අතර ජනධිපතිවරයා ඉදිරයේ නව අමාත්‍යවරුන් දිවුරුම්දෙන අයුරු දැක්වෙන ඡායාරූප ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමට මේ වනවිට එක්කර තිබෙනවා.

අද දිනයේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස 09 දෙනෙක් දිවුරුම් දුන් අතර අදාල ඡායාරූපවල දැක්වෙන්නේ අලුතින් දිවුරුම් දුන් අමාත්‍යවරුන් හත් දෙනෙකුගේ ඡායාරූප පමණක් වීම විශේෂත්වයක්.

ඒ අනුව අදාල ඡායාරූප එකතුවේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගේ ඡායාරූප දැකගැනීමට නැහැ.

කෙසේ එම ෆේස්බුක් ගිණුමට එක්කර ඇති අද දින දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගේ නාම ලේඛනයට ඔවුන් දෙදෙනාගේ නම් ඇතුළත්.

මේ අතර ආණ්ඩුවට එක්වෙමින් අමාත්‍ය ධුර ලබාගත් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කළා.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?