ජනපතිගේ වෙසක් දින පණිවුඩය

ජනපතිගේ වෙසක් දින පණිවිඩය

අසිරිමත් සම්බුදු තෙමඟුල සිදු වූ උතුම් වෙසක් මංගල්‍යය සිහි කර, ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයා ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සිත් පහන් කරවන පුණ්‍ය කටයුතුවල යෙදෙති.භාග්‍යවතුන් වහන්සේ සකල සත වෙත පතළ මහා කරුණාවෙන් දේශනා කළ දහම වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් මුළුල්ලේ අවිච්ඡින්නව පවතින්නකි.

සම්බුද්ධත්වය උදෙසා බෝධිසත්වයෝ ආත්ම භාව කල්ප ගණනක් පෙරුම් පිරූහ. එය ආමිස සහ ප්‍රතිපත්ති පූජාදියෙන් පරිපූර්ණ ය; දස පාරමී ගුණයන්ගෙන් සුපෝෂිත ය. ඒ සියලු සත්වයෝ සසර දුකින් මුදා ගැනීම පිණිස ය.සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ලැබූවෝ අපරිමිත සම්බුදු ගුණ මෙනෙහි කරනුයේ අචල ශ්‍රද්ධාවෙන් යුතුව ය. අටලෝ දහමින් කම්පා නො වීමේ ගුණය පිළිබඳ කරුණු බෞද්ධ සාහිත්‍යයේත් බුද්ධ චරිතය පුරාත් අපට සුලබව හමු වේ. එකී දහමට අනුව වීර්යාධික වූවෝ ගැඹුරින් විමසා කල්යල් බලා තීරණවලට එළඹ වඩාත් උචිත විසඳුම් ලබා දුන් අවස්ථා බෞද්ධ අපට ආගන්තුක නො වේ.

තං ච කම්මං කතං සාධු – යං කත්වා නානුතප්පතියස්ස පතීතො සුමනො – විපාකං පටිසෙවති “යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නො වේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටෙන් යුක්තව විඳින්නේ ද, ඒ ක්‍රියාව කළ සැටි යෙහෙකි” යනුවෙන් ධර්මයේ සඳහන් වෙයි.එබැවින් අසීරු අවස්ථාවන්හිදී වීර්යාධික විය යුතු ය.

රට අසීරුතාවට පත් ව ඇති මේ මොහොතේ සියලු රටවැසියන් වෙනුවෙන් මහජන නියෝජිතයන් සියලු දෙනා එක් ව විසඳුමක් උදෙසා වහ වහා කටයුතු කළ යුතු ය. ඒකායන අරමුණ විය යුත්තේ මූලික අරමුණින් බැහැර නො වී අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා වීම ය.පවතින තත්ත්වය සිහි නුවණින් දැක සියලු දෙනාට පොදු සාධාරණ විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙළක් වටා එක් විය යුතු ය. ඒ බෞද්ධ පිළිවෙත ය. ඒ සඳහා ලිච්ඡවී සංකල්පය වඩාත් උචිත වන පරිදි යොදා ගනිමින් අර්බුද සමනය කිරීමට එක් වන්නැයි මේ උතුම් වෙසඟ දිනයේදී මම ඔබගෙන් ඉල්ලා සිටිමි.

ප්‍රතිපත්ති මුල් කර ගෙන, වීර්යාධික සම්මුතිවාදී ධර්මගරුක සමාජයක් ගොඩනැඟීම සියලු දෙනාගේ ඒකායන අරමුණ වේවා! යි උතුම් වෙසක් පුන් පොහෝ දින ප්‍රාර්ථනා කරමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:06
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:35:11
Video thumbnail
බොරු කීමේ තරඟයක් තිබ්බා නම් රන් පදක්කම දිනන්නේ මාලිමාව
06:18
Video thumbnail
ත්‍රී රෝද රථයක් මහ පාරේ උඩුයටිකුරු කළ අනතුර
00:47
Video thumbnail
සීදූව මහ පාරේ ත්‍රී රෝද රථයක් උඩුයටිකුරු වෙයි
01:13
Video thumbnail
බරකොකු තෙල ලෝකෙටම අරගෙන ගිය ආයුර්වේද වෛද්‍ය රන්දෙනිගම
03:09
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34


?