ජනපතිගෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් රැසක්

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන අතර මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටත්, පළාත් පාලන ආයතන සඳහා 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයට මෙන්ම, 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් සඳහා පළාත් ආණ්ඩුකාරවරු , ප්‍රධාන ලේකම්වරු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

අධ්‍යාපන, සෞඛ්‍ය සහ මහාමාර්ග වැනි ක්ෂේත්‍රවලට අදාළව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර මතු ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඊට අදාළ විසඳුම් සහ යෝජනා පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළ අතර දේශපාලන අධිකාරිය තම බලය රඳවා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන භාවිත කළ සංස්කෘතිය වත්මන් රජය යටතේ අවසන් කර ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රට සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මක් කරා ගමන් කිරීම වෙනුවෙන් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවද සාකච්චාවට ලක්වුණා.

විදේශ ණය සහ ආධාර යටතේ මෙරටට හිමි වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විශේෂ ව්‍යාපෘති කාර්යාල ගොඩනඟමින් ඒ වෙනුවෙන් විශාල පරිපාලන වියදමක් දරනවා වෙනුවට පවතින පරිපාලන ව්‍යුහය තුළ කටයුතු කර, අදාළ ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ලේකම්වරුන්ට උපදෙස් දුන්නා.

පාසල් පද්ධතිය විධිමත් කිරීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර කලාප මට්ටමින් එක් එක් පාසල් වෙත ගොස් එම පාසල් පිළිබඳව සමීපව අධ්‍යයනය කර සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් හොඳම විසඳුම ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් නිලධාරීන්ට පවසා සිටියා.

පළාත් ආණ්ඩුකාරවරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර සහ අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56