ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රටේ ජනතාව තමාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් ඵලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, සියයට සියයක් කාබනික ගොවිතැන ඔස්සේ වගාව සාර්ථක කරගත් ගොවිපොළක් නිරීක්ෂණය කිරීම සඳහා අද (23) පැමිණ සිටි අවස්ථාවේදීය.

“අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය ගැන. මම ආපු දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා. නොමිලේ දුන්නේ ඇත්තටම ගොවියාගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. වී වල සහතික මිල අපි වැඩි කළා. “

සියයට සියයක් කාබනික පොහොර නිපදවා එමගින් සාර්ථකව එළවළු හා පළතුරු වගාවක් සිදුකරන මෙම ගොවිපොළ පිළිබඳව ‘අද දෙරණ’ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඊයේ (22) තොරතුරු වාර්තා කර තිබුණි.

එම පුවත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද අවධානයට යොමුවී තිබූ අතර ඒ අනුව ජනාධිපතිවරයා අද (23) පෙරවරුවේ එම ගොවිපොළ නිරීක්ෂණය සඳහා උඩුබැද්දාව බුන්නැහැපොළට පැමිණියේය.

එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක්ද එක්වී තිබුණි.

කුලියාපිටිය උඩුබැද්දාව බුන්නැහැපොළ අක්කර 16ක් පුරා පිහිටි මෙම සාරවත් ගොවිපොළ පවත්වාගෙන යන්නේ සියයට සියයක් කාබනික පොහොර යොදා ගනිමිනි.

නරක් වූ පළතුරු සහ එළවළු යොදාගෙන ඒ මත ගැඬවිලි පණුවන් වර්ධනයවීමට සලස්වා තමන්ට අවශ්‍ය පොහොර නිපදවා ගැනීමට ඔවුන් කටයුතු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?