spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනතාව බඩගින්නේ තබන්නේ නැහැ අගමැතිගෙන් ජනතාවට නව බලාපොරොත්තුවක්

රටේ පවතින ආර්ථිකය හමුවේ කිසිවකු කුසගින්නේ තැබීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලාංකීය ජනගහනයෙන් සියයට 40 ත් 50 ත් අතර පිරිසකට ඉදිරියේදී  මේ ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි අතර එම තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස්කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.

 කුඩා දරුවන් හා වැඩිහිටියන් ගැන වැඩි අවධානයක් යොමුකරන ලෙස ද අගමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර පසුගියදා 17 වැනිදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මේ උපදෙස් දී තිබෙනවා.ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන යටතේ මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙනයෑමට නායකත්වය ලබාදීම සඳහා ඉන් කොට්ඨාස 225 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු ඒවා අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන්ට සහ පෞද්ගලික අංශ යටතේ භාරදිය යුතු බවයි අගමැතිතුමාගේ අදහස වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?