ජනතාවගේ අරමුදල් සූරා කෑ අයවැයක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතාවගේ හිසමත බරපටවා අසීමිත පීඩනයක් ඇති කර අයි. එම්. එෆ්. කොන්දේසිවලට එහා ගොස් ජනතාවගේ අරමුදල් සූරා කෑ අයවැයක් ලෙස මෙම අයවැය දකින නිසා එයට විරුද්ධ වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අයවැය දෙවැනි වර කියවීමට අදාළ ඡන්ද විමසීමෙන අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

දුප්පත්කම තුරන් කරන්න වැඩපිළිවෙලක් සහ සෘජු විදේශ ආයෝජන ගෙන්වන වැඩපිළිවෙලක් මෙම අයවැය තුළ නොමැති බව ද විපක්ෂ නායකවරයා පවසා සිටියා.

එසේම මේ අයවැය නිසා ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් මෙය ජන පීඩිත අයවැයක් ලෙස හැඳින්විය හැකි බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?