ජංගම දුරකථන තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

විදෙස් රටකින් තීරුබදු රහිතව රැගෙන ආ බවට සැක කෙරෙන ජංගම දුරකථන තොගයක් සමග එක් සැකකරුවෙකු කරඹ මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (28) උදෑසන පොලිස් නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් කරඹ මාර්ග බාධකයේ සිදු කරන ලද පරීක්ෂා කිරීම්වල දී බොලොරෝ වර්ගයේ කැබ් රථයක තිබී මෙම ජංගම දුරකථන තොගය සොයා ගැනුණා.

එහිදී පෙට්ටි කිහිපයක බහා තිබූ Nokia වර්ගයේ ජංගම දුරකථන 600ක්, SanIlan වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකථන 50ක් හමු වී ඇති බවයි අප ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරු සඳහන් කළේ.

මේ පිළිබඳව කැබ් රථ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ, මෙම තොගය පෑලියගොඩ ප්‍රදේශයේ සිලොන් සිෆින් ආයතනයට අයත් බවයි.

මේ පිළිබඳව කිසිඳු ලියකිවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා වැඩිදුර විමර්ශන කිරීමට මෙම ජංගම දුරකථන තොගය නොරොච්චෝලේ පොලිසියට භාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැනැත්තා කැකිරාව මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ජංගම දුරකථන තොගය තීරුබදු රහිතව හෝ වෙනත් අකාරයෙන් මෙරටට ගෙන්වා ඇති දැයි සොයා බැලීමට නොරොච්චෝලේ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23