ජංගම දුරකථන තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

විදෙස් රටකින් තීරුබදු රහිතව රැගෙන ආ බවට සැක කෙරෙන ජංගම දුරකථන තොගයක් සමග එක් සැකකරුවෙකු කරඹ මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (28) උදෑසන පොලිස් නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් කරඹ මාර්ග බාධකයේ සිදු කරන ලද පරීක්ෂා කිරීම්වල දී බොලොරෝ වර්ගයේ කැබ් රථයක තිබී මෙම ජංගම දුරකථන තොගය සොයා ගැනුණා.

එහිදී පෙට්ටි කිහිපයක බහා තිබූ Nokia වර්ගයේ ජංගම දුරකථන 600ක්, SanIlan වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකථන 50ක් හමු වී ඇති බවයි අප ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරු සඳහන් කළේ.

මේ පිළිබඳව කැබ් රථ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ, මෙම තොගය පෑලියගොඩ ප්‍රදේශයේ සිලොන් සිෆින් ආයතනයට අයත් බවයි.

මේ පිළිබඳව කිසිඳු ලියකිවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා වැඩිදුර විමර්ශන කිරීමට මෙම ජංගම දුරකථන තොගය නොරොච්චෝලේ පොලිසියට භාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැනැත්තා කැකිරාව මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ජංගම දුරකථන තොගය තීරුබදු රහිතව හෝ වෙනත් අකාරයෙන් මෙරටට ගෙන්වා ඇති දැයි සොයා බැලීමට නොරොච්චෝලේ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12