spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීමට අවධානය

කායික ආබාධ සහිත පුද්ගලයින් සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව අදාළ පුද්ගලයින්ගේ නිවසට ම ගොස් ඡන්දය ලබාගැනීම මෙහිදී සිදු කෙරෙන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ ඊට අදාළ නීති සංශෝධනය විය යුතු බවයි.

මේ අතර, ක්ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරත ඡන්ද දායකයින්ට මැතිවරණ දිනට පෙර දිනක සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනයට යොමුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?