ඡන්ද විමසීමට අදාල අපේක්ෂක ඇප මුදල් භාර ගැනිමෙන් වලකින ලෙස යැවූ ලිපිය රිවස් කරයි

කැබිනට් මණ්ඩලයේ දැනුම් දීමකට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබුනේ නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල අපේක්ෂක ඇප මුදල් භාර ගැනිමෙන් වලකින ලෙසයි.

කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පවසා තිබෙන්නේ එම ලිපිය නැවත කැඳවූ බවයි.