ඡන්ද මධ්‍යස්ථානවලට පහරදීමේ සූදානමක් ඇති බවට පැතිර යන කතාව බොරුවක් (වීඩියෝ)

ඡන්ද මධ්‍යස්ථාන වෙත පහරදීමට සූදානමක් පවතින බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

අද (14) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළ අතර, දිවයින පුරා පිහිටි සියලුම ඡන්ද මධ්‍යස්ථාන තුළ ඉතා සාමකාමී ලෙස ඡන්ද විමසීම සිදුකරන බවයි ඔහු පැවසුවේ.

නිදහස් සහ සාමකාමී ලෙස ඡන්ද විමසීම සිදුකරගෙන යාම ඉවසාගත නොහැකි ඇතැම් පුද්ගලයින් මෙලෙස අසත්‍ය ප්‍රකාශයන් සිදුකරන බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.

එවැනි ආකාරයේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසට ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර අද (14) පෙරවරු 10.30 පමණ වන විට සියයට 15ක පමණ ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27