ඡන්දය පවත්වන බවට මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

නීතිය ප්‍රකාරව පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට යළි ප්‍රතිඥාවක් ලබා දුන්නා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සම් දෙකක් අද (10) කැඳවනු ලැබූ අවස්ථාවේදී යි මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ පැවැත්වීම සඳහා සියලු රාජ්‍ය ආයතන සහාය ලබාදිය යුතු බව දක්වා ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ පීරිස්, එහෙත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සිය සේවාදායකයින්ට විවිධ ගැටළු මතු වී තිබෙන බවත් පෙන්වා දුන්නා.

මෙහිදී එස්.තුරෙයි රාජා සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන විනිසුරුවරුන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාට පෙන්වා දුන්නේ පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන බවට ඉකුත් නඩු දිනයේදී ද මැතිවරණ කොමිසම විසින් අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන් බවයි.

එම ප්‍රතිඥාව පරිදි කටයුතු කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළ යුතුව ඇති බවත් මෙහිදී විනිසුරුවරු පෙන්වා දුන්නා.

මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද සඳහන් කළේ මැතිවරණය පවත්වන බවට ලබා දුන් ප්‍රතිඥාවේ කිසිඳු වෙනසක් නොමැති බවයි.

එහිදී ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා ප්‍රකාශ කළේ පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි.

මෙහිදී පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට සිදුකරන ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමට පත්වන බවයි.

ඒ අනුව මැතිවරණ කොමිසමේ ප්‍රතිඥාව සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමේ විභාගය අත්හිටුවීමට ද නියෝග කළා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් එක් පෙත්සමක් ගොනු කර තිබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, එම් ඒ සුමන්දිරන්, අනුර ප්‍රියදර්ශන යාපා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අනෙක් පෙත්සම ගොනු කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අය නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ආයතන 340 ක පමණ නිල කාලය ලබන මාර්තු මස 19 වන දා අවසන්වීමට නියමිතව තිබෙන බවයි.

ඒ, අනුව අදාළ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18