spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චෛත්‍යක් රැගෙන මෝටර් රථයකින් යමින් සිටි හතරක් අත්අඩංගුවට (ඡායාරූප)

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගලින් නිමකරන ලද මැණික් එබ්බ වූ චෛත්‍යක් රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් හතර දෙනෙක් මාතර, නාවිමන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් මෙම චෛත්‍යය අලෙවි කිරීම සඳහා ගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වූ බවයි පොලීසිය සඳහන් කළේ.

පොලීසිය විශ්වාස කරන්නේ මෙය නිධානයකින් ගොඩගත් එකක් බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?