චෙන්නායි සුපර් කිංග්ස් නායකත්වයට සැම්සන් ?

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ දක්වා මහේන්ද්‍ර සිං දෝනි වෙනුවට පරිපූර්ණ ආදේශකයක් සොයා ගැනීමට අපොහොසත්ව සිටිනවා.

දෝනිගේ නායකත්වය යටතේ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය වාර්තාගත ලෙස පස් වතාවක් දිනා ගනු ලැබුවා.

2022 අයි.පී.එල් තරගාවලියට පෙර රවීන්ද්‍ර ජඩේජාට මඟ පාදන පරිදි දෝනි නායකත්ව භූමිකාවෙන් ඉවත් වීමට පවා චෙන්නායි කණ්ඩායම උත්සාහ කළ නමුත් එහි ප්‍රතිඵලය වූයේ දෝනි නැවත තරග වාරය මැදදී පත් කිරීමයි.

එමෙන්ම රුතුරාජ් ගයික්වාඩ් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරා ගැනීමට පෙර 2023 දී ද ඔහු කණ්ඩායමේ නායකත්වය දරුණු ලැබුවා.

දෛවයට අනුව, එම වාරය තුළ ඇති වූ ආබාධයක් හේතුවෙන් ගයික්වාඩ් තරගාවලියෙන් ඉවත් වූ අතර, දෝනි නැවතත් චෙන්නායි නායකයා ලෙස කටයුතු කළා.

වසර ගණනාවක් පුරා, දෝනි පිත්ත සහ කඩුලු රැකීම සමඟ චෙන්නායි පිළ වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

මේ අතර සංජු සැම්සන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඉවත් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවීමත් සමඟ ඔහු පිළිබඳව මේ වනවිට විවිධ පුවත් වාර්තා වනවා.

ඒ, අනුව සංජු සැම්සන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායාමේ නායකත්ව සඳහා එක්කර ගැනීමට සූදානමක් පවතින බවට ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර හිටපු ඉන්දීය පිතිකරු ක්‍රිෂ්ණමාචාරි ශ්‍රීකාන්ත් පවසන්නේ චෙන්නායි කණ්ඩායමට දෝනි වෙනුවට නිවැරදි ආදේශකය ලෙස සංජු සැම්සන් තෝරා ගැනීමට මේ වන විට අවස්ථාව හිමිව ඇති බවයි.

“ඇත්තම කිව්වොත්, සංජු දක්ෂ ක්‍රීඩකයෙක් වන අතර ඔහු චෙන්නායි හි ඉතා ජනප්‍රියයි. ඔහුට චෙන්නායි හි හොඳ වෙළඳ නාම ප්‍රතිරූපයක් තිබෙනවා. මම කිව්වා වගේ, ඔහු ඉවත්ව යාමට කැමති නම් සහ මේ පැත්තට ආවොත්, චෙන්නායි සඳහා ඔහුව තෝරාගන්නා පළමු පුද්ගලයා මමයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46