spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීන නියෝජ්‍ය තානාපති සරමක් ඇඳ යාපනයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා ඇතුලු පිරිසක් යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් තොරාගත් පවුල් 1300ක් වෙනුවෙන් අධාර ලබාදීමේ වැඩසටහනකට අද (29) දින සහභාගී වුණා.

යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවති අතර එහිදී යාපනය දිස්ත්‍රීක්කයේ තොරාගත් දිළිඳ පවුල් 100 ක් වෙනුවෙන් පළමු පියවර වශයෙන් ප්‍රථමාධාර, ආහාර ද්‍රව්‍ය ඇතුලු කට්ටලය බැගින් පවුලකට ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර ඊයේ (28) දිනයේදී චීන නියෝජ්‍ය තානාපතිවරයා යාපනය කොටුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අතර එහිදී දෙමළ සංස්කෘතියට අනුව සුදු පැහැති වෙට්ටියකින් සැරසී පැමිණීමද විශේෂත්වයක්.

එහිදී නියෝජ්‍ය තානාපතිවරයා යාපනය කොටුවේ ඓතිහාසික ස්ථානය නැරඹූ අතර විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?