චීන ණය හමුවේ ඝානාවේ ආර්ථිකය දැඩි අර්බුදයක

මූල්‍යමය වශයෙන් කලක් ස්ථාවරව සිටි බටහිර අප්‍රිකානු රටක් වන ඝානාව සිය බාහිර ණය සඳහා ගෙවීම් නතර කර තිබෙනවා.

ඒ, අනුව බැඳුම්කර හිමියන්ට, අනෙකුත් වාණිජ ණය දෙන්නන්ට සහ විදේශ ආණ්ඩුවලට ණය ගෙවීම් නතර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

විදේශ මුදල් බැඳුම්කර, වාණිජ ණය සහ බොහෝ ද්විපාර්ශ්වික ණය ඇතුළු බාහිර රාජ්‍ය ණය මත සියලුම ණය සේවා ගෙවීම් අත්හිටුවන බව ඝානා මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

මෙම තීරණය “අතුරු හදිසි පියවරක්” ලෙස හැඳින්වූ එම අමාත්‍යාංශය පැවසුවේ ඝානාව ප්‍රධාන ආර්ථික හා මූල්‍ය අර්බුදයකට සහ ඒ ආශ්‍රිත සමාජ අභියෝගවලට මුහුණ දී ඇති බවයි.

වසංගත තත්ත්වය හමුවේ ඇති වූ ආර්ථික බලපෑමේ සිට ගෝලීය පොලී අනුපාතවල තියුණු වැඩිවීම්, එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම, ඉහළ උද්ධමන අනුපාත සහ රුසියා- යුක්රේන යුද්ධය නිසා ඇති වූ අනෙකුත් බාධා කිරීම් මඟින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට විදේශීය සහ දේශීය ණය ආපසු ගෙවීමට අපහසු වී ඇති අතර බොහෝ රාජ්‍ය වියදම් පුළුල් කිරීම සඳහා නව ණය ලබා ගනිමින් සිටිනු දැකිය හැකියි.

ශ්‍රී ලංකාව ද බාහිර ණය ගෙවීම් පැහැර හැර ඇති අතර සැම්බියාව 2020 දී ගෙවීම් අතපසු කළා.

දරුණු ආර්ථික තත්ත්වය මධ්‍යයේ, ඝානාව ඇමරිකානු ඩොලර් බිලියන 11 කට වඩා වැඩි වටිනාකමක් සහිත දේශීය මුදල් රජයේ බැඳුම්කර හුවමාරුවක් නිවේදනය කළ අතර එමගින් දේශීය ණය හිමියන්ට පොලී ගෙවීම් තියුණු ලෙස අඩු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

බාහිර ණය හිමියන්ගෙන් ලැබුණු මූල්‍ය සහතික කොන්දේසි සහ දේශීය ණය හුවමාරුවේ ප්‍රගතිය සලකා IMF වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 03ක ඇපදීමක් පිළිබඳ මූලික එකඟතාවයක් ඇතිකර ගැනීමට ද ඝානාවට හැකි වුණා.

මූල්‍ය දත්ත පෙන්වා දෙන්නේ 2021 අවසානයේ ඝානාව විදේශ කොටස් හිමියන්ට ඇමරිකානු ඩොලර් බිලියන 13 කට වැඩි මුදලක් සහ චීනය සහ දකුණු කොරියාව ඇතුළු විදේශීය රජයන්ට ඩොලර් බිලියන 3.2 කට වඩා ණය වී ඇති බවයි.

එරට රාජ්‍ය ආදායමෙන් සියයට 70ත් 100ත් අතර ප්‍රමාණයක් මේ වන විට වැය වන්නේ ණය ගෙවීම සඳහා වන අතර පසුගිය මාසයේදී ඝානාවේ උද්ධමනය 50% කින් පමණ ඉහළ ගොස් තිබුණා.

ඝානාව එරට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටින අතර මෙය බොහෝ දුරට පෙන්නුම් කරමින්  සිටින්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර විශේෂයෙන්ම උප සහරා අප්‍රිකාවේ ණය පීඩාවේ ප්‍රමාණයයි.

මේ වන විට අප්‍රිකානු රටවල් 22ක්  ණය උගුලක හෝ ණය පීඩාවේ ඉහළ අවදානමක පසුවනවා.

ඊට වඩාත් හේතු වී ඇත්තේ අප්‍රිකානු රටවල ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නෙකු ලෙස චීනයේ ශීඝ්‍ර නැගී සිටීමයි.

චීන ණය ලබා දීම් වැඩසටහන්වලට අප්‍රිකානු පාලන තන්ත්‍රයන්ට සැලකිය යුතු දේශපාලන හෝ ක්‍රියා පටිපාටි බාධාවකින් තොරව ප්‍රවේශ වීමට පහසු වීම ඊට හේතුවක් .

චීනය ලොව විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන නමුත් ණය දීමේ කොන්දේසි සහ විපතට පත් ණය ගැතියන් සමඟ නැවත සාකච්ඡා කරන ආකාරය පිළිබඳව  අල්ප වශයෙන් හෙළි කිරීම ප්‍රධාන ගැටලුවක් වී තිබෙනවා .

මෙම වසර මුලදී, G-7 රටවල්  චීනයෙන් ඉල්ලා සිටියේ පීඩාවට පත් රටවලට ඔවුන්ගේ ණය බර ප්‍රතිසංස්කරණය කිරීමට උපකාර කිරීමේදී වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් ගන්නා ලෙසයි.

මීට පෙර, චීනය අප්‍රිකානු රටවල් 17කට පොලී රහිත ණය සමාව දීම් කර ඇති බව ප්‍රකාශ කළද  එවැන් පොළී රහිත ණය චීනය අප්‍රිකානු රටවලට ලබා දෙන ණය වලින් ඉතා කුඩා කොටසක් පමණයි.

ඇතැම්  ඇස්තමේන්තු පෙන්වා දෙන පරිදි, 2000 සහ 2017 අතර ගෝලීය වශයෙන් ආණ්ඩු 165කට චීනය ලබාදුන් ඩොලර් බිලියන 843ක් වන ණයෙන් පොලී රහිත ණය 5%කටත් වඩා අඩුය.

මෙම  ණය ලබා දීම්  මූලික වශයෙන් අපැහැදිලි වන අතර චීනය විසින් අප්‍රිකාවේ ඉදිකරන ලද දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති බොහෝ විට මිල අධික සුදු අලි බවටයි පත්ව ඇත්තේ.

පවතින අර්බුද මධ්‍යයේ අප්‍රිකානු ජාතීන්ට ඔවුන්ගේ ජනතාව වෙනුවෙන් පුළුල් සමාජ වැඩිදියුණු කිරීමට මූල්‍ය ප්‍රතිපාදන රැස් කිරීම් අවශ්‍ය වන තීරණාත්මක අවස්ථාවක, චීන ණය දීම මෑත වසරවලදී පහත වැටී තිබීමද කැපී පෙනෙන සිදුවීමක්.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ප්‍රජාව මෙම තත්ත්වය පිළිබඳ තීරණයක් ගත යුතු අතර චීන ණයදීමේ පිළිවෙත්වල විනිවිදභාවය, වගවීම සහ සාධාරණත්වයේ වැදගත්කම ද දැඩි ලෙස අවධාරණය කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02