චීන ජනපතිගේ විශේෂ නියෝජිතයින් සහ ජනපති රනිල් අතර අද සාකච්ඡාවක්

දිවයිනට පැමිණ සිටින චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් ඇතුළු පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (20) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ද මෙම විශේෂ නියෝජිත පිරිස සාකච්ඡා කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ආර්ථික, දේශපාලනික ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මීට අමතරව මෙම නියෝජිත පිරිස කථානායක මහින්ද යාපා අබේවර්ධන ද හමුවී අද (20) පස්වරුවේ සකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.